දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රියදුරකු ලෙස සේවය කළ ධර්මපාල මහතාගේ විශ්‍රාම එළඹීම හා උපන්දිනය නිමිති කොට ගෙන සංවිධානය කළ කෙටි සැමරුමක්   2021.11.02 දින ප.ව. 4.00 ට දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ; සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු නිලධාරීන්ගේ, විශ්‍රාම නියමිත රියදුරු ධර්මපාල මහතාගේ හා  සෙසු කාර්ය මණ්ඩලයේ  සහභාගීත්වයෙන් මෙම සැමරුම සංවිධානය කොට තිබිණි. ධර්මපාල මහතා විශ්‍රාම පූර්ව නිවාඩු  පවා නොගෙන සේවය පිළිබඳ කැපවී සිටීමත්, රාජකාරී හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාමත් ආදර්ශමත් බව අදහස් දැක්වූ කථිකයන්ගේ පොදු පිළිගැනීම විය.

 

 

 

 

News & Events

28
Apr2026
සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර...

27
Mar2026
ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ...

Scroll To Top