"ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ගෘහ ආර්ථික හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු" මැයෙන් 2022 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණ මාලාවේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වූ සම්මන්ත්‍රණය 2021.12.22 දින දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේදී පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්විණි.
දමන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩබ්.ඩී.වීරසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් දමන ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හා දමන ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සෙසු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් හා ප්‍රාදේශීය ව්‍යවසායකයන් ඇතුළු සෙසු ප්‍රජාවේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සහකාර අධ්‍යක්ෂ-සැලසුම් අනීස් මහතා, දිස්ත්‍රික් ජලජීවී ව්‍යාප්ති නිලධාරී ඩී.එම්.ටී.යූ. දිසානායක මහතා, දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී එච්.එම්.සී.එම්.අබේවර්ධන මහතා හා ප්‍රාදේශීය ව්‍යවසායිකා එම්.එල්.ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය මෙහිදී දේශන පැවැත්වූ අතර ස්තූති යෝජනාව සිදු කරමින් ප්‍රාදේශීය ලේකම්තුමා පැවසූයේ සිය රාජකාරී ජීවිතයේදී අයවැය යෝජනා පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමක් සිදු කරනු අත්දුටු පළමු අවස්ථාව මෙය බවත් එය ඉතා යහපත් ප්‍රවණතාවක් බවත්ය.



















