අයවැයෙන් වැඩ ලක්ෂයක් මුදල් අමාත්‍යාංශයේ ජාතික වැඩසටහනට අනුව දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ වැඩසටහන 2022.02.03 දින පෙරවරු 08.52 ට යෙදුණු සුබ මොහොතින් දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෑම ග්‍රාම නිලධාරී වසමක් ම ආවරණය වන පරිදි පැවැත්වුණි.
වසම් තිස්තුනක් තුළ සංවිධානය කළ සංවර්ධන සංවර්ධන ව්‍යාපෘති 165 ක් ඊට ඇතුළත් විය . මෙම වැඩසටහනට අයත් අලහේන ග්‍රාම නිලධාරී වසමේ සති පොළ භූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා දමන ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්‍ය මණ්ඩලය සහභාගී විය. මෙම අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කළ ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ ආර්ථික අර්බුද පවතින අවස්ථාවක රජය විසින් ක්‍රියාත්මක කරන මෙවැනි ආධාර ව්‍යාපෘති තුළින් උපරිම ප්‍රතිලාභ ලබා ගෙන ජාතික ආර්ථික අරමුණු කරා ළඟා වීමට රජයට සහාය වීම ප්‍රතිලාභ ලබා ගන්නා පිරිසගේ වගකීම වන බවයි.



















