ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්ත ආරම්භ කර ග්‍රාමීය ජන ජීවිතය නඟා සිටුවීමේ  අරමුණින් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ  ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ එක් ගමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහිකිරීමේ  වැඩසටහන යටතේ, දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ව  තෝරාගත් ව්‍යවසායකයින් සඳහා බයිට් වර්ග සැකසීම ආශ්‍රිත පුහුණු වැඩසටහනක් දමන විදාතා සම්පත් මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් 2021/10/12 දින පෙ.ව. 9.30 ට දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය විදාතා සම්පත් මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණි. උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි ජගත් විතානගේ මහත්මාගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුව බයිට් වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට අදාළ ප්‍රායෝගික හා තාක්ෂණික කරුණු ආවරණය වන ආකාරයට සැලසුම් කර තිබුණි. 

දමන ප්‍රාදේශීය ලේකම්, දමන සහකාර ප්‍රාදේශීය ලේකම්, දමන ගණකාධිකාරි, අම්පාර දිස්ත්‍රික් විද්‍යා හා තාක්ෂණ නිලධාරි යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ,  දමන විදාතා මධ්‍යස්ථානයේ  කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

 

News & Events

28
ஏப்2026
සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර...

27
மார்2026
ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ...

குடியுரிமை சாசனம்

Scroll To Top