2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර ඇති, "සියලු රාජ්ය ආයතනයන්හි අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩපිළිවෙළට" සමගාමීව මේ වන විට අප ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව අප කාර්යාලය තුළ යම් අක්රමිකතාවයක්, දූෂණයක් හෝ වංචාවක් ඔබගේ දැනුවත්භාවය ඇතිව සිදුවන්නේ නම්, නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳ තොරතුරු/පැමිණිලි අප ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ පිහිටුවා ඇති අභ්යන්තර කටයුතු ඒකකය වෙත පහත සඳහන් ක්රමවේද ඔස්සේ දැනුම් දිය හැකිය:
- ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ ස්ථානගත කර ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීම
- පහත ලිපිනයට තැපැල් මාර්ගයෙන් යොමු කිරීම:
"අභ්යන්තර කටයුතු ඒකකය",
ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය,
වැව්ගම්පත්තුව දකුණ,
දමන.
- இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். යන විද්යුත් තැපැල් ලිපිනය වෙත දැනුම් දීම
- 063 2051345 යන දුරකථන අංකයට දැනුම් දීම
- 077 4671109 යන අංකයට WhatsApp මාර්ගයෙන් දැනුම් දීම
- QR කේතය (QR Code) ඔස්සේ දැනුම් දීම
"දූෂණයෙන් තොර, සුපිළිපන්න රාජ්ය සේවයක් ජනතාවට ඉටුකිරීම අපගේ අරමුණයි!"
අභ්යන්තර කටයුතු ඒකකය
ප්රධාන අරමුණු
වගකීම් සහ කාර්යයන්
අභ්යන්තර කටයුතු ඒකකයේ සංයුතිය
පුවත්
ඇමතුම් විස්තර














