අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණු
සෑම ආයතනයකම අභ්යන්තර කටයුතු ඒකකය විසින් පහත සඳහන් අරමුණු සාක්සාත් කර ගැනීම අපේක්ෂා කෙරේ:
- ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්රවේශ විය හැකි ක්රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.














