දමන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර මොහොතක්.
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම දෙනාට සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026
20.04.2026









2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා ඒකකය මගින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම් වැඩසටහන 2026.03.11වන දින අලහේන Blue wave පරිශ්‍රයේදී ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් හා සහභාගිත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදී.සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සමාජ සුභ සාධනඅංශයේ නිලධාරින් සහභාගි වූ මෙම වැඩසටහනේ දී කොට්ඨාශයේ හොඳම ව්‍යවසායිකාවන් අගයකිරීමත් කාන්තා සමිති නිලධාරින් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ද දවස පුරා පවත්වන ලදී. සම්පත් දායකයින් තිදෙනෙක් සහභාගී වූ මෙම වැඩසටහන සඳහා mission Lanka පදනම මගින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.





2026 මාර්තු මස 01 සිට ක්‍රියාත්මක මත් නිවාරණ සතියට සමගාමීව රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ගේ චක්‍රලේඛ උපදෙස් හා විධිවිධානයන්ට යටත්ව දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ මෙහෙයවීමෙන් හා දමන ප්රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීම මත අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2026 මාර්තු මස 03 දින කාර්යාලය නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වමින් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට දමන ප්රාදේශීය ලේකම් කොට්ඨාශය සක්‍රීයව දායකත්වය ලබාදෙන ලදි.

n




Clean Sri Lanka හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය එක්ව දමන ප්‍රාදේශීය කොට්ඨාසයේ “දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මානය වශයෙන් මුවංගල වසමේ මුවංගල ග්‍රාම - 2 ගම්මානය එළි දැක්වීමේ සමාරම්භක උත්සවය දමන ප්‍රාදේශීය ලේකම්තුමිය, දමන ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ,Clean sri lanka නියෝජිත හා රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අද දින උත්කර්ෂවත් අන්දමින් පවත්වනවන ලදී (16.03.2026)





රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 07/2026 මගින් ප්රකාශයට පත්කරන ලද 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන මත්ද්රව්ය නිවාරණ සතියට සමගාමීව දමන ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ 2026 මාර්තු 01,02 දිනයන්හීදී ග්රාම නිලධාරීන් විසින් අත් පත්රිකා බෙදාහැරීමේ කටයුතුවල නිරත විය.





















