2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා ඒකකය මගින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම් වැඩසටහන 2026.03.11වන දින අලහේන Blue wave පරිශ්‍රයේදී ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් හා සහභාගිත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදී.සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සමාජ සුභ සාධනඅංශයේ නිලධාරින් සහභාගි වූ මෙම වැඩසටහනේ දී කොට්ඨාශයේ හොඳම ව්‍යවසායිකාවන් අගයකිරීමත් කාන්තා සමිති නිලධාරින් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ද දවස පුරා පවත්වන ලදී. සම්පත් දායකයින් තිදෙනෙක් සහභාගී වූ මෙම වැඩසටහන සඳහා mission Lanka පදනම මගින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.



















