74 වන නිදහස් දිනය සැමරීම සඳහා සංවිධානය කළ කෙටි උත්සවයක් දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2022.02.04 වන සෙනසුරාදා දින පෙරවරු 9.00 ට පැවැත්විණි.

දමන ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන නිලධාරී යන අයගේ අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවට යටත්විජිතවාදයෙන් නිදහස දිනා ගැනීම සඳහා කැප කිරීම් කළ විරුවන්, ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම සඳහා කැප කිරීම් කළ රණවිරුවන් සිහි කළ අතර එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමා භෞතික වශයෙන් මෙන්ම අප චින්තනය අනුව ද නිවහල් වීම වැදගත් බව පැවසීය. මෙම කෙටි උත්සවය නිමා වීමෙන් අනතුරුව දමන දකුණු ඇල ඉවුරේ රුක්රෝපණ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි. එහිදී ඖෂධීය වටිනාකමකින් යුත් ශාක විශාල ප්‍රමාණයක් පරිසරයට දායාද කිරීම සිදුවිය.

News & Events

28
අප්‍රේ2026
සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර...

27
මාර්2026
ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ...

Scroll To Top