ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්ත ආරම්භ කර ග්‍රාමීය ජන ජීවිතය නඟා සිටුවීමේ  අරමුණින් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ  ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ එක් ගමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහිකිරීමේ  වැඩසටහන යටතේ, දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ව  තෝරාගත් ව්‍යවසායකයින් සඳහා කුළුබඩු සැකසීම ආශ්‍රිත පුහුණු වැඩසටහනක්  දමන විදාතා සම්පත් මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් 2021/09/30 දින ප.ව. 3.00 සිට zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමයට පැවැත්වුණි.

ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි වීදිය බණ්ඩාර මහත්මාගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුව වීඩියෝ දර්ශණ ආශ්‍රයෙන් කුළුබඩු සැකසීමට අදාළ න්‍යායාත්මක හා ප්‍රායෝගික සියලු කරුණු ආවරණය වන ආකාරයට සකසා තිබුණි.දමන ප්‍රාදේශීය ලේකම්, දමන සහකාර ප්‍රාදේශීය ලේකම්, දමන ගණකාධිකාරි, අම්පාර දිස්ත්‍රික් විද්‍යා හා තාක්ෂණ නිලධාරි  හා දමන විදාතා මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

News & Events

28
අප්‍රේ2026
සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර...

27
මාර්2026
ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ...

Scroll To Top