74 වන නිදහස් දිනය සැමරීම සඳහා සංවිධානය කළ කෙටි උත්සවයක් දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2022.02.04 වන සෙනසුරාදා දින පෙරවරු 9.00 ට පැවැත්විණි.

අයවැයෙන් වැඩ ලක්ෂයක් මුදල් අමාත්‍යාංශයේ ජාතික වැඩසටහනට අනුව  දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ වැඩසටහන 2022.02.03  දින පෙරවරු 08.52 ට යෙදුණු සුබ මොහොතින් දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෑම ග්‍රාම නිලධාරී වසමක් ම ආවරණය වන පරිදි පැවැත්වුණි.

2022 නව වසර වෙනුවෙන් රජකාරී කටයුතු ආරම්භ කිරීම 2022.01.03 දින දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී කෙටි නිල උත්සවයකින්  ආරම්භ විය.

ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කොට,  පොල්තෙල් පහණ ආලෝකමත් කිරීමෙන් පසු රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදුවිය. ප්‍රාදේශීය ලේකම්තුමාගේ  අදහස් දැක්වීමෙන් හා සෙඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ දැනුවත් කිරීමෙන් පසුව පැවති කෙටි සංග්‍රහයෙන් පසු කාර්යාල කටයුතු 2022 වර්ෂය වෙනුවෙන්  මේ අනුව ආරම්භ කරනු ලැබීය.

ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්ත ආරම්භ කර ග්‍රාමීය ජන ජීවිතය නඟා සිටුවීමේ  අරමුණින් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ  ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ එක් ගමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහිකිරීමේ  වැඩසටහන යටතේ, 2021 වර්ෂය සඳහා දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ව  තෝරාගත් ව්‍යවසායකයින් සඳහා  උපකරණ නඩත්තුව පිළිබඳ  තාක්ෂණික පුහුණුව ලබා දීමේ හා  හා පළමු අදියර යටතේ උපකරණ බෙදා දීමේ වැඩසටහන 2021.01.05 දින පෙ.ව. 10.00 ට දමන විදාතා සම්පත් මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වුණි.


දමන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති- දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු.ඩබ්. ඩී. වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කෙටි උත්සවය සඳහා ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන ග්‍රාම නිලධාරී,  උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී, දමන ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු  මන්‍ත්‍රීවරුන් හා දමන විදාතා සම්පත්  මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හා තෝරාගත් ප්‍රතිලාභීන් සහභාගී විය.මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ අපේක්ෂිත ව්‍යවසායක ඉලක්ක කරා ගමන් කිරීම තුළින්, රජය මගින් අපේක්ෂිත ජාතික ඉලක්ක කරා ගමන් කිරීමට සහාය වීම  ආධාර ලබා ගන්නා ව්‍යවසායකයන්ගේ යුතුකම වන බවයි.

 

"ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ගෘහ ආර්ථික හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු" මැයෙන් 2022 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණ මාලාවේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වූ සම්මන්ත්‍රණය  2021.12.22 දින දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේදී පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්විණි.

News & Events

28
ஏப்2026
සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

සුභ අලුත් අවුරුදුද්දක් වේවා - 2026

දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත් ආරම්භයක සුන්දර...

27
மார்2026
ජාත්‍යන්තර කාන්තා දිනය

ජාත්‍යන්තර කාන්තා දිනය

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ...

குடியுரிமை சாசனம்

Scroll To Top